ඔබට මිය යන්නට වුවමනා නම් එක වරක් ආදරය කරන්න කරන්න..සත්තයි ඔබ මරණයට වෛර කරාවි..!!!

Thursday, February 28, 2013

රෑ මනාළී

ගිලිහී ගිය මල
නටුවෙන්
පාවී පාවී
ඈතටම
ගියා අනාථව
නවතින්න තැනක්
කෝ කොහෙද
කොතනත් එකයි දැන්
ගිලිහුන පසු
නටුවෙන්..
ඇරයුමක්
ලැබෙන තුරු
නවතින්නට
හදවතක සදහට
පාලු බස් නැවතුම්
අඳුරු අවන්හල්
සැප ලැගුම්හල්වල
ගිමන් හරිමි
හිතු මනාපේ
කාසි පඬුරට
කැන්දාගෙන යන තුරු
අහිංසක රෑ මනාළී
මල්දුන්නෙන් වඩින
කුමරු පැමිණ

~ අප්සරා ~

19 comments:

  1. ඇහ්...අඩේ මම ආවලු මේකට...ඈ...
    එහෙනම් යන්නම්...ආයේ එන්නම් ඈ...
    :)
    අඩේ මට වල්කම් කියන්න බැරි උනා..මම ආවට මට වල්කම් වේවා....

    ReplyDelete
    Replies
    1. හික්ස් හා හා ආයේ එන්න තරු

      Delete
  2. ගිලිහිනු පසු නටුවෙන්
    පලක් නොවේ එමලෙන්
    හැඩක් ඇත එමලේ
    තිබුනානම් නටුවක්

    ReplyDelete
    Replies
    1. නොමැති විට මලක නටුවක්
      කිසිවෙකුට නැද්ද ඉන් පලක්
      උරුම විතරද හෙටක්
      තිබුනොත් අගට නටුවක්

      Delete
  3. කැන්දන් යන්නත් හිතෙනවා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. බොලේ අදමලු ආවේ.. ඔන්න කොමෙන්ටුවකුත් කෙටුවා.. ජය වේ!

    ReplyDelete
  5. මිනිහෙක්ගේ වරදට හැම මිනිහෙක්ටම සාප කරන විදි වල තමන්ට නැති වෙච්ච ආදරේ හොයන රෑ මනාලියක්....

    ReplyDelete
    Replies
    1. හ්ම් හරියට හරි නාඩි :)

      Delete
  6. ලස්සනයි පද ටික....

    ඔන්න මාත් ආව මේ පැත්තට......
    දිගටම ලියන්න.... ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමනලී :)

      Delete
  7. ෂා මරු කවි ටික අප්සරා අක්කියෝ..........

    ReplyDelete
  8. //අහිංසක රෑ මනාළී //
    -@ නැවත සිතමින්

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්..ඇයියියියියියි..?

      Delete
  9. දුප්පත් මනාළියි පෝසත් මනාළියි ..
    දුප්පත් කෙනා හරියට ගඟ වගේ..
    පෝසත් කෙනා මුහුද වගේ...

    ( ගඟෙන් වතුර බීල ගඟටම පහරන ලෝකෙක ..)

    ReplyDelete

හිතේ කහටක් නැතුව කියන දේ වටිනවා මට ගොඩාරියක් ..