මොකක්දෝ මන්දා හිත රිදීමකට එදා මම මගෙත් එක්කම තරහ වෙලයි උන්නේ. ඊටත් වඩා
කේන්තියෙන් හිටියේ..ගෙදරින් පිටවෙනකොටත් හිතේ මොකක්ද කැකෑරෙන දෙයක් පැටලිලා
වගේ තිබුනත් ඒ අරකයි මේකයි කියල වෙන් කරලා මට හරියටම අඳුන ගන්න බැරි වුනා.
කොටින්ම කියනවනම් ඒ මොකක්ද කියල අඳුන ගන්න මට ඕනෙකමක් තිබුනේ නෑ, ඊටත්
වඩා එදා යන්න තිබුන ගමන ඉක්මනට යන්න ඕනි නිසා ඒවා ගැන හිත හිත
ඉන්න ගියෝතින් තවත් හොඳටම පරක්කු වෙන නිසා මං එච්චර හිතන්න ගියේ නෑ. බස්
එකට නැගලා ටික දුරක් යනකොට කොහේදෝ යන මහ පත වැස්සක් කඩා වැටුනේ මගේ
කේන්තියේ ඉවසා දරා ගැනීම උරගා බලන්න වෙන්න ඇති. ඒත්....ඒ වැස්ස.....ඔව් ඒ
හිතුවක්කාර වැස්ස, මගේ ජීවිතේම ගහගෙන යයි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ.
බස් එකේ සීට් ගානට වගේ සෙනග හිටිය නිසා එච්චරම තදබදයක් තිබුනේ නෑ...ඔව් කොහොමත් තදබදයක් තිබුනෙම නෑ..වටේම කළු වෙලා හයියෙන් හුලං අල්ලනවා. පාර දෙපැත්තේ ගස් එහාට මෙහාට ඇඹරෙනවා මට හොඳට පෙනුනා. හරි අමුතු මුසල ගතියක් වටපිටාව පුරාම පැතිරිලා තිබුනා. පැත්තේ වීදුරුව හොඳටම වහල තිබුනත් වීදුරුවට උඩින් තිබුන පුංචි කාවුලෙන් හිරිකඩ හුළඟත් එක්ක සීතලම සීතල වැහි වතුර බින්දු දෙක තුනක් මගේ පිටි අල්ලට සැරින් සැරේ වැටුනා. හීතලට මගේ ඇඟේම හිරිගඩු පිපුනා. මම හිතෙන් බැන බැන අතේ ගුලි වෙලා තිබ්බ ලේන්සුවෙන් වැහි වතුර බින්දු පිහ දැම්මා. ඔය අතරේ මට එහා පැත්තේ ඉඳගෙන හිටපු ඇන්ටි බස් එකෙන් බැහැල යනවා වගේ මට තේරුනත් එච්චරම ඒ ගැන නිච්චියක් ගියේ නැත්තේ මං කෙන්තියන් හිටපු හින්දද..? "ලමිස්සියෙක් වුනාම වටපිටාව ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනි, පොඩ්ඩ වෙලාවත් ඇති වරදින්න" අම්මා මන්තරේ වගේ නිතරම කියන කතාවක් මට මතක් වුනා.
මොකක්දෝ කල්පනාවක ගිලිලා බිම බලාගෙන හිටපු මං ඔලුව උස්සල වටපිට බැලුවේ "අද නම් මහා කරුමක්කාර දවසක්" කියල මටම කියාගෙන. ඒත් ඒ පිටවුණ වචන පහ හය ගැන මම අද ගොඩක් පසුතැවෙනවා..හ්ම්... ඇත්තටම කියනවනම්.. මගේ ජීවිතේ එදා තරම් වටින දවසක් ආයෙම ඒවි කියලා මට හිතන්න අමාරුයි. ඔව්...කොහොමත්ම හිතන්න අමාරුයි. මොකද එදා තරම් මගේ ජීවිතේ වෙනස් කරපු දවසක් මගේ ගෙවුන උපන්දින විසි එක ඇතුලේ ගෙවුන එක දවසකවත් තිබුනේ නැති තරම්. ඒ තරමටම ඒ දවසට, ඒ මොහොතට මම අදත් පුදුම විදිහට ආදරේ කරනවා...ආදරේ...ම්..ම්..ඇත්තටම ආදරේ කරනවා කියනවට වඩා හොඳ වචනයක් නැත්ද ඒ මොහොත හඳුන්වන්න. ඔව්...ඔව්..කියවන ඔබෙන් අහන්නේ... නැද්ද....?......ම්...ම්......ආදරේට වඩා වටින වචනයක්......!! ආදරේට වඩා වටින වචනයක් තවත් කොහෙද.......පිස්සුනේ අපිට...සමාවෙන්න.....සමාවෙන්න.......පිස්සුනේ මට......!!
වැස්සට තෙමිච්ච කපුටෙක් වගේ ඔලුව අවුල් කර ගත්ත, හිතුවක්කාර වැහි බින්දු වලින් නැවිච්ච කළුම කළු මුණ මැද්දේ දිලිසුන අහිංසක ඇස් දෙකක් හදිසියේ මගේ ඇස් වල පැටලුනා. ඔව්...මහ හුඟ වෙලාවක් නෙමෙයි...පුංචිම පුංචි, මේං කියල කියන්න බැරි තරම් පුංචි කාලයක මගේ ඇස් නන්නාදුනන රස්තියදුකාරයෙක්ගේ ඇස් අස්සේ අතරමං වුනා. ඇත්තටම මටම පුදුමයි ඒ වගේ රස්තියාදු කාරයෙක්ට කොහෙන්ද ඒ තරම් අහිංසක ඇස්...?.. මට පිස්සු...මොනවද මම මේ හිතන විකාර...ඇසිල්ලකට මුණ ගැහුන ඒ ඇස් ගැන අමුතු ලෝබකමක් දැනුනා. හරියට...හරියට....අහසක්.....ම්ම්ම්ම්...නෑ....කාන්තාරයක්.... .නෑ...නෑ සමාවෙන්න....මට වචන හොයා ගන්න බෑ ඒ හැඟීම විස්තර කරන්න. කොහොම හරි එදා ඒ තප්පරෙන් මිදෙන්න මට බැරි වුනේ ඇයි කියල එදා හිතුනේ නැති වුනාට අද මං දන්නවා...ඔව් ඕනෙවටත් වඩා හොඳට දන්නවා. වැහි වතුර පිටි අල්ලට වැටුන වෙලේ ඇඟ හිරිවැටුනාට වඩා සිය දහස් ගුණයකින් මේ අහිංසකයා දැකල මගේ හිත හිරි වැටුනා..
ඔව් මං මේ කියන්න හදන්නේ....හීන් සීරුවේ ගලපන්නේ ඒ අහිංසකයාගෙයි මගෙයි කතාව..මම ආදරේ කරන...නෑ සමාවෙන්න, මං ආදරේ කරපු, මගේ ජීවිතේට ආදරේ අරං ආව හිතුවක්කාරයාගේ කතාව.. කොටින්ම කියනවනම් මේ මගේ කතාව....මට කියන්න පුළුවන් හොඳම විදිහ...සවන් දෙන්න ඔබ සුදානම් නම් මමත් සුදානම් ඒ කතාව ඔබට කියන්න....ඔව්.....කාටවත් නොකියපු ඒ කතාව අහන්න ඔබ සුදානම්ද...?

ඇහ් ඔබ සූදානම්ද ඇහුවා නේද....
ReplyDeleteහිටිං මූන හෝදං සූදානම් වෙනකම්. ඊට පස්සේ කියන්න ඈ... :)
හී හී හා හා හෝදගෙන එන්නකෝ එහෙනම්
Deleteඔයාගේ දිවියට ආදරය අරං ආපු ඒ දගකාරයාගේ කතාව කියවන්න ආසාවෙන් ඉන්නවා මමත්..
ReplyDeleteගොඩක් ස්තුතියි අයියේ
Deleteඔව් අපි සුදානම් ඔයාගේ දුක බෙදා ගන්න.
ReplyDeleteහ්ම්...වචනෙත් මගේ හිතට හයියක්
Deleteහ්ම්ම්..එහෙනම් අහමු බලන්න ඒ කතාවත්...... :)
ReplyDeleteහා හා අහන්නකො එහෙනම් ඉතින්
Deleteඔය මූසල දවස් තියෙනවා නේ...
ReplyDeleteමාර සිරා ඈ...
හී හී හී ඔව්නේ එහෙම දවස් සිරා
Deleteසූදාන්මද නේද.. ලියන්න කෝ.. අපි එනෝ... :D
ReplyDeleteහී හී එන්නෝ එහෙනම්
Deleteඇත්ත කතාවක් නම් මම ඒක කියනකම් මෙතනින් හෙලවෙන්නෙ නෑ..........
ReplyDeleteසත්තකින්ම ඇත්ත කතාවක් යසිත් !!
Deleteදුක වැඩිද මන්දා
ReplyDeleteහ්ම්ම් සමහර විට
Deleteඔන්න මාත් ඉඳ ගත්ත ඒ කතාව අහන්න. කියන්නකෝ එහෙනම්.
ReplyDeleteහ්ම්ම් හොඳයි හොඳයි මම කියන්නම්කො
Deleteඅයි හේට් ලව් ස්ටෝරීස්... කමක් නෑ කියන්නකෝ!
ReplyDeleteමම පටන් ගත්තෙත් බූට් කතාවකින්නේ ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අප්සරා මට පැස්බරා වගේ පේන්නේ ඇයි? :O
Deleteහී හී එහෙමද..?
Delete\\අප්සරා මට පැස්බරා වගේ පේන්නේ ඇයි?\\ කන්නාඩි දෙකක් දාන්න රජෝ
හ්ම් ලියන්නකෝ අක්කියෝ..!
ReplyDeleteහ්ම්ම් ලියන්නම් නංගියෝ
Deleteකථාව පටන් ගත්ත විතරයි නේද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔව් ඔව් පටන් ගත්තා විතරයි..හී හී හී !!
Deleteනන්නාඳුනන රස්තියාදුකාර ඇස් හිත් අතරමං කරලා දානවා.. :)
ReplyDeleteසත්තකින්ම
Deleteඅයියෝ කැමතියි......ඉක්මනට කියන්ඩකෝ ඉතින්...මල පනිනවා මගින් නැවත්තුවාමනම්.....
ReplyDeleteහී..හී..කේන්ති ගන්න එපා හලෝ ඉතින්
Deleteලියන්න ලියන්න අපි ලැහැත්ති කියවන්න
ReplyDeleteහා හා කියන්නම් හොඳේ
Delete
ReplyDeleteහිතට එන දේවල් ලියන්න අප්සරා..ඒක හිතට ලොකු
සැහැල්ලුවක්..මාත් හිනා වෙලා හිටියට මේ කරන්නේ
බොරුවක්..බොරුවක් කරමින් මිරිඟුවක තව ටික දුරක්
යනවා..ළඟදීම කෑම වතුර ඉවර වෙනවා..එදාට නවතිනවා..
මා එක්කම මිරිඟුවත් නැති වේවි මගේ හිතේ ඇඳුනු ...
හ්ම්ම්ම්...අපි හැමෝම ගොඩක් වෙලාවට අපිටම බොරු කරගන්නවා. ඒ කා වෙනුවෙන්ද..අපි වෙනුවෙන්මද..? නැත්නම් ? මට තේරුම් ගන්නත් බැරි දේ එකම තමයි.
Delete