දන්නවද
මට ඕනේ
හදා ගන්න
ඔයා බිඳපු
මගේ හිත..
පුලුවන්ද
නෑවිත් ඉන්න
එකම එක
හීනෙකින්වත්
ආයේ සදහටම
හිත හදාගන්න කොයිතරම් උත්සාහ කලත්, නොඅඬා ඉන්න කෙතරම් දත්මිටි කෑවත්, පුන පුනා මටම වද දෙන අපේ මතකය අකුලා පොඩි කර හිතෙන් පිටමං කරන්න හැදුවත් මට ඒ දේ හිතට එකඟව කරගන්න බැරි බව ඔයා තවමත් නොදන්නවා ඇති.... සුන්දර වූ අතීතයෙන් බුර බුරා නැගෙන ගිනිදැල් අනීවාරතේ හදවත සිදුරු කරන්නේ ඇයිද යන පැනයට මම නිරුත්තර වන්නේ මන්දැයි නොදනිමි. අහස පොලව ගැටලන්නට උදේ හවස කල්පනා කරමි. ඔබ මගෙන් වෙන් කිරීමට එරෙහි වූ මගේ පාපතර අවාසනාවන්ත දෛවයට සාප කරමි.
මට ඕනේ
හදා ගන්න
ඔයා බිඳපු
මගේ හිත..
පුලුවන්ද
නෑවිත් ඉන්න
එකම එක
හීනෙකින්වත්
ආයේ සදහටම
හිත හදාගන්න කොයිතරම් උත්සාහ කලත්, නොඅඬා ඉන්න කෙතරම් දත්මිටි කෑවත්, පුන පුනා මටම වද දෙන අපේ මතකය අකුලා පොඩි කර හිතෙන් පිටමං කරන්න හැදුවත් මට ඒ දේ හිතට එකඟව කරගන්න බැරි බව ඔයා තවමත් නොදන්නවා ඇති.... සුන්දර වූ අතීතයෙන් බුර බුරා නැගෙන ගිනිදැල් අනීවාරතේ හදවත සිදුරු කරන්නේ ඇයිද යන පැනයට මම නිරුත්තර වන්නේ මන්දැයි නොදනිමි. අහස පොලව ගැටලන්නට උදේ හවස කල්පනා කරමි. ඔබ මගෙන් වෙන් කිරීමට එරෙහි වූ මගේ පාපතර අවාසනාවන්ත දෛවයට සාප කරමි.
මගේ
ජීවිතේ පණ ගැහෙන්නේ ඒ මතක කන්දරාවේ රස්නෙන් වග මට දැනෙනවිට ලේ නහර
උණුවෙන ආදරණීය ලෝබ කමින් ඔබවම සොයන්නේ මන්ද යන පැනයටද පිළිතුරක් නැතිව මම
නැවත
ගොළු වෙමි. දුක තුනී කරගන්නට ලියවුන කවි කඩදාසි කොළ පිරෙද්දී නිබඳවම ඔබේ
සුවඳ මා වෙලා අපහසුතාවයට පත් කරයි. දෙසවන බිහිරි කරන ඔබේ ආදරණීය ආමන්ත්‍රණය
මා සිහිසුන් කරවයි..
නමුදු මම පියවරෙන් පියවර හෝ ඇවිද
ගොස් අපේ මතක සැමරුම් පාලු කනත්තක වල දමමි...එදාට ඒ සොහොන් කොතෙන් නැගෙන
විලාපය ඔබේ දෙසවන බිහිරි කරාවි..මට දොස් නොනගන්න..මක් නිසාද යත් ඊට හේතුව ඔබ
මට වඩා හොඳින් දන්නා නිසාවෙනි.
~ අප්සරා ~
2013.02.27
සමහර මතකයන් අමාරුවෙන් උනත් අමතක කරන්න වෙනවා විවිධ හේතු නිසා.
ReplyDeleteහ්ම්ම්
Deleteමතකයන් අමක කෙරුවත් අමතක වෙන්නේ නෑ නේද ...... මටත් එහෙමලු
ReplyDeleteහික්ස්....එකනේ අප්පා බලන්නකෝ
Deleteඔයාටත් ඒමද ?
අලුත් තැනක් වගේ!!!
ReplyDelete//මගේ ජීවිතේ පණ ගැහෙන්නේ ඒ මතක කන්දරාවේ රස්නෙන් වග මට දැනෙනවිට ලේ නහර උණුවෙන ආදරණීය ලෝබ කමින් ඔබවම සොයන්නේ මන්ද යන පැනයටද පිළිතුරක් නැතිව මම නැවත ගොළු වෙමි.//
වාක්‍යය දිග වුණත්, ව්‍යාකරණ වරද්දන්නෙ නැතිව ලියලා තියෙනවා! බොහොම අගෙයි!
විරහව හා බැඳී තිබෙන්නේ,රසවත් ලෙස සාහිත්‍යයට පෙරලන්න පුළුවන්, බොහොම සංවේදී හැඟීම් සමුදායක් බව ඇත්ත. නමුත් දැන් ඒ වෙනුවෙන් ලියවෙන දේවල් වුවමනාවටත් වඩා වැඩියි කියලයි මගේ හැඟීම. ඒ හින්දා වෙනත් මාතෘකා ඔස්සේත් ලියන්න බලන්න! දිගටම එන්න උත්සාහ කරන්නම්! ජය වේවා!!
හ්ම් ඔව් අලුත් තැනක්..රැන්ගෝ..
Deleteගොඩක් ස්තුතියි..හ්ම් විරහව එක්තරා රසයක් තමයි ඒත්....!!
ඔව් වෙනස් දේවලුත් ලියන්න උත්සාහ කරන්නම් හොඳේ
ජිවිතේ සමහර දෙවල් අපිට කවදාවත් අමතක කරන්න බෑ ඒව හැමදාමත් අපේ මතකයෙ තියනව එ මතකයන් හන්ද අපිට දුකක් අති උනත් ඒ දෙවල් අපිට ගොඩක් වටිනව.... ජය වෙවා ඈ...
ReplyDeleteහ්ම් අතීතය සිහිනයක් පමණයි..ඒත් ඒ අතීතය තරම් ලස්සන කාලයක් ආයේ කවදාවත් එන්නේ නෑ..අන්න ඒකයි අතීතය වටින්නේ..
Deleteඔයාටත් ජය වේවා යාලු
අලුත් බ්ලොග් එකක්.. සියල්ල සිද්ධ වෙන්නේ යහපතට කියන එකත් පෙරලුනු පිට හොඳයි කියන්න පුරුදු වෙන එකත් තමා කරන්න තියෙන්නේ..
ReplyDeleteහ්ම්ම් හැමදේම වෙන්නේ හොඳටනේ
Deleteසැබෑවටම ඔයාගේ හිතේ තියෙන්නේ දුකක් නම්, මේ බ්ලොග් අවකාශය එයට සවියක් වේවා.
ReplyDeleteහ්ම්ම් මාත් එහෙම හිතල තමයි පටන් ගත්තේ අයියේ
Deleteමතකය පමනක් ඉතුරු වෙලා
ReplyDeleteකකියයි හද පතුලෙන්ම
හ්ම් ඇත්ත කෙල්ලේ
Deleteඇත්ත මන් අද ඉන්නෙත් ඔය තත්වෙන් .
ReplyDeleteමන් දැන් ඉන්න බ්ලොග් එක අලුතෙන් පටන්
ගත්තෙත් ඔය හේතුව නිසාමයි..කොච්චර නම්
විලාප තිය තිය අඬල ඇත්ද ජීවිතේ ?
කමක් නැහැ .ඉවසන්න පුළුවන් තරම් රිද්දන්න..
ඊට පස්සේ රිද්දන්න මන් ඉන්නේ නැහැ...
එදාට ඒ අය දුක් වේවි ... එයාලව සනසන්න
ලඟට අරන් ඔලුව අත ගගා මන් නැති වේවි...
"එයාලව සනසන්න ලඟට අරන් ඔලුව අත ගගා මන් නැති වේවි" ඔයාගේ පිළිතුරු ගොඩක් සංවේදියි...මම හිතන්නේ හිතේ නලියන දේවල් මෙහෙම ලියන එක තමයි ඔය ප්‍රශ්නෙට හොඳම පිළිතුර
Delete