බස්
එකේ වේගේ අඩු වුනේ වැස්ස හින්දා වුනත් මම අද කවදාවත් නැතුව ඒ ප්‍රමාදවීමට
ආසා වුනා. වෙනද පොඩ්ඩ ඇත්නම් පරක්කු වුනාම කේන්ති ගන්න මං ගැනම මට හරි
පුදුමයි. කේන්තියක් හිතේ අහලකවත් නැති එක ගැන.
මම හිතන්නේ වාන් දමන වේල්ලක වැව් බැම්ම ඒ තෙරපෙන වැව් දියට කරන්නේ මහා
අසාධාරණයක්. ඒ වගේම තමයි උතුරලා පිටාර ගලලා යන්න වෙර දරන හැඟීම් වලට
එරෙහිවෙන ඇහැට
පෙන්නේ නැති බන්ධනයක් මට අසාධාරණයක් කළා. ඒ මොකක්ද කියලා මම
දන්නේ නෑ. සමහර විට ලැජ්ජාව, ගතානුගතික සාම්ප්‍රදාය වෙන්න පුළුවන්, අපේ
සංස්කෘතිය වෙන්න පුළුවන්. ඒ මොකක්ද කියලා තේරුම් ගන්න මට පුළුවන් කමක්
තිබුනේ නෑ..ඕනෙකමක් තිබුනෙත් නෑ තේරුම් ගන්න. ඒ වුනාට ඒ සීමාවල් වලින්
ඔබ්බට ගිහින් මගේම හිතට විරුද්ධව මං
ඒ රස්තියාදුකාරයා දිහා හොරෙන් බැලුවා. කීප වතාවක්ම....ඔබ මගෙන් අහයි
කෙල්ලෙක්ට කොල්ලෙක් දිහා බලන්න තහනම්ද කියලා. ඔව් එහෙම තමයි. කෙල්ලෙක්
කොල්ලෙක් දිහා බැලුවොත් ඒක අසම්මතයි කියන සමාජයක අපි ඉන්නේ. සම්මතය රකින්න
කියල නීතියක් නෑ. ඒත්.අනේ මන්ද..... හ්ම් ඔව්... මම
දැක්කා ආඩම්බරේට
හිටියට ඒ ඇසුත් අහම්බෙන් මාව හොයනවා...ඒ ඇස් වල තිබ්බේ මහා පුදුම හැඟීමක්..
ඔව් කතා කරන ඇස්..ඔව් ඔව් ඒවාට තමයි කියන්නේ කතා කරන ඇස් කියලා.
කෙල්ලෙක් ලේසියෙන් රවට්ට ගන්න පුළුවන්, කෙල්ලෙක්ට ලෝබ හිතෙන මහා පුදුම ඇස් දෙකක් එයාට තිබුනේ. මට ඉරිසියාවක් හිතුනා දැනටමත් ඒ ඇස් දෙකට අයිතිකාරියක් ඇති කියලා. අනේ දෙවියනේ එහෙමනම් වෙන්න එපා. ජීවිතේ පලවෙනි වතාවට නන්නාදුනන කෙනෙක් වෙනුවෙන් කවදාවත් දැකලා නැති දෙවියන්ගෙන් මම ඉල්ලුවා. කෙනෙක්ට කෙනෙක් ගැන වචන වලින් විස්තර කරන්න බැරි හැඟීමක් ඇති වෙනවනම් මම හිතන්නේ ඒ ආදරයේ උපරිම අවස්ථාව එහෙමත් නැත්තම් වෛරයේ උපරිම අවස්ථාව. ඔව් ඒ මොහොත මට වචනයෙන් විස්තර කරන්න බෑ. ඒ කියන්නේ මේ අහිංසකයා ගැන වෛරයක් ඇතිවෙන්න කොහොමවත් හේතුවක් නැති කොට මේ ඇති වෙලා තියෙන්නේ ආදරයක්ද..?..මම දන්නේ නෑ දෙයියනේ මට මේ මොකක්ද වුනේ. අනේ මම දන්නේ නෑ මට හයියෙන් කෑ ගහන්න ඕනි වුනා...උඩ පැන පැන නටන්න හිතුනා. මම දන්නේ නෑ හැම කෙල්ලටම එහෙමද කියලා. ඒත් මට එහෙම හිතුනා. ඒ බස් එක ඇතුලේ කෑගැහුවොත් හෙම මං පිස්සියක් කියලා හිතයි. මම බොහොම අමාරුවෙන් ඒ හැඟීම යටපත් කර ගත්තා.
හිතකට ආදරයක්
දැනුනාම, හිතක් තමන් රකින සීමා මායිම් බිඳින්න ඒහැටි වෙලාවක් ගන්නේ නෑ. මහා
ලොකුවට රකිනවයි කියන ප්‍රතිපත්ති බිඳින්න ඒ ආදරේට ඒහැටි වෙලාවක් යන්නේ නෑ.
වෛරය වුනත් එහෙමයි ඔය කියන සාම්ප්‍රදායන් බිඳින්න ඔය කියන හැඟීම් දෙකට
තියෙන්නේ පුදුම හැකියාවක්. තමන් ආදරේ කරන වෛර කරන පුද්ගලයා කෙරෙහි හිතේ
ඇතිවෙන්නේ මහා ප්‍රභල හැඟීමක්.
කොහොම හරි බහින තැනත් කිට්ටු වෙන්න ආවා. කතාවේ අවසානයක් ඔබට හිතා ගන්න පුළුවන් වුනාට මම හිතනවා ඔබ මගෙත් එක්කම මම කියන කතාව අහාවී කියලා. නීරස වෙන්න පුළුවන්.. ඒත් මම දන්නවා අකමැත්තෙන් හරි ඔයා ඒ කතාව අහයි කියලා. මම විශ්වාස කරන්නේ නෑ ඔබ මාව මගහැර යාවි කියලා.
එළියේ වැහිපොදය තවම එහෙමමයි. ඇවිදගෙන ටික දුරක් ගියත් හොඳටම නැවෙන තරම්. ඒ මදිවට සීතල. කලබලෙට පටලාගෙන ආව සුදු දිග සාය පුරාම මඩ ඉහිලා තියනවා මට මැවිලා පෙනුනා..මම සාය අතින් උස්සගෙන යනකොට ඔයා හිනාවෙයි. මට එහෙමත් හිතුනා. .මම හිතේ හෝදිස්සියට බෑග් එකට අත දාල මගේ සුපුරුදු රෝස පාට කුඩේ හෙව්වා. ඒත් දෙවියනේ අද මම කුඩේ ගෙනල්ලා නෑනේ. ඒ සීතල අස්සේ මගේ තොල්පට දිගේ දාඩිය දානවා වගේ දැනුනා. දැන් කොහොමද බහින්නේ. බැහැල යන්නේ.
"හන්දියේ බහින අය දොරගාවට එන්න"..මට කොන්දොස්තරත් එක්කත් තරහයි. මම කලබලෙන් අන්තිම වතාවටත් කියලා හිතාගෙන ඒ හිතුවක්කරයා දිහා බලලා බස් එකෙන් බහින්න ඉස්සරහ දොර ගාවට ආවා. බස් එක බස් හෝල්ට් එකට යාර පහ හයක් තියලා නැවැත්තුවේ ඩ්‍රයිවර්ගේ නොහොබිනා විහිළුවක් කියලා මම දැන ගත්තා. මම බෑග් එක ඔලුවට තියාගෙන අනික් අතින් ගවුම පොඩ්ඩක් අතින් අල්ලාගෙන බස් හෝල්ට් එකට දුවගෙන ගියා. මාව පහුකරලා යන බස් එක ගියේ නම් මගේ පපුව උඩින් කියලා මට දැනුනේ. මාව පාස් කරගෙන ගියපු බස් එක හරියටම හෝල්ට් එක ඉස්සරහින් නැවැත්තුවා.

දෙයියනේ හිතුවක්කරයා. බස් එකෙන් බැස්සා. විශ්වාස කරන්න පුලුවන්ද.. ඔව් මම වැස්සේ නැවතිලා බලාගෙන හිටියා ඒ දිහා
~ ඉතිරිය මතුවට ~
ආදර හැගීම් අවුස්සන සුලුයි!
ReplyDeleteහී..හී..හී එහෙමද ? ගොඩක් ස්තුතියි
Deleteආදරේ කොහේ කොතනකදී කොහොම හමු වෙනවද කියලා තේරෙන්නේ නැති පුදුමාකාර බැඳීම ......
ReplyDeleteහ්ම්ම් ඒක නම් ඇත්ත. වෙලාවක් තැනක් නෑ
Deleteහ්ම්ම් හ්ම්ම්...ලස්සන ආදර කතාවක් වගේ...... :)
ReplyDeleteලස්සන...? හ්ම් හැම කතාවක්ම අවසානේ ලස්සන වෙන්නේ නෑ නාඩියා
Deleteලියල තියෙන විදිය නම් ගොඩක් ලස්සනයි අක්කියෝ.සමහර තැන් මැවිලාම පෙනුනා.දිගට ලියමුකෝ......))))
ReplyDeleteගොඩාරියක් ස්තුතියි නංගෝ
Deleteඉගියක් දුන්නනං මෑන්ගෙං නම්බර් එක ඉල්ල ගන්න තිබ්බා...
ReplyDeleteනැද්ද...
ඉඟියක් ඒක කොහොමද දෙන්නේ අනේ..හී..හී..දැන් ඒකාලේ ගොඩක් පහු වෙලානේ ඉතින්
Deleteකතා කරයි ද.. නොකරයි ද.. ? දැන් ඉතින් බෑග් එකත් ඔලුව උඩ තියාගෙන ඉන්න එපෑ ඊළඟ කොටස එනකල්. :)
ReplyDeleteඊගවා කොටස් බලන්නකෝ චන්දන....හී..හී..හ්ම්ම්
Deleteහ්ම්ම.. ඇස් දෙකක ගැඹුරෙ ලියැවුණ දෙයක් කියවන්න යනවා වගෙයි..
ReplyDeleteඉතින් ඉතින්..
හ්ම්ම් ඔව් අක්කෝ..සමහරවිට ගොඩක්ම ගැඹුරේ ලියවෙච්ච දේවල්.
Deleteඊලග කොටසත් කියවලම බලමු
ReplyDeleteහ්ම්ම් හොඳයි...ආයේ එන්නකෝ හොඳේ
Deleteවාසනාවන්ත විවාහය මතක විදියට ඒක සයිමන්ද සිල්වාගේ පොතක්...ඒකෙත් ඔය වගේ සීන්ස් එකක් තියෙනවා...වහිනවා අම්බානක කපල් එක බස්සෝල්ට් එකට සෙට් වෙනවා...
ReplyDeleteහ්ම්ම්ම් ඒ පොත නම් කියවලා නෑ..කියවන්න හිතෙනවා..මගේ කතාවමද දන්නේ නෑ
Deleteමෙහෙමම ආරම්භයක් තමයි මටත් තියෙන්නේ අප්සරා..
ReplyDeleteඔයා ලියන්නකෝ ..මන් හැමදේම බලන් ඉන්නම්,
ඔක්කොම මතක් කරගන්නම්.....
හ්ම්ම් ගොඩක් ස්තුතියි....හැමෝගෙම කතාව වෙනස් වෙන්නේ ඉස්පිලි පාපිලි වලින් විතරයි මම හිතන විදිහට.
Deleteඇහ්...මදිනේ අෆ්ෆා..
ReplyDeleteඅපෝ ඇයි අනේ මදිද?...අදට ඔච්චරයි...හී..හී...
Deleteහරි... ඊගාව කොටසේ වැඩේ පත්තු වෙයි වගේ ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්ම් සමහරවිට...අපි බලමුකෝ රජතුමනි !
Deleteහෆ්ෆා.... මට නිකන් පරණ සිද්ධි ටිකක් මැවීගෙන මැවීගෙන ගියා.. නියමයි නංගෝ!!1 බලමු ඊළඟ කොටස..
ReplyDeleteගොඩක් ස්තුතියි අක්කෝ..එහෙනම් පරණ මතකේ අලුත් කරගන්නකො හොඳේ
Deleteලෝබ හිතෙන ඇස්.. මතක..මතක..මතක..!!!!
ReplyDeleteහ්ම්ම් ලෝබ හිතෙන ඇස්, හරි ආඩම්බර පාටයි
Delete