දන්නවද
මට ඕනේ
හදා ගන්න
ඔයා බිඳපු
මගේ හිත..
පුලුවන්ද
නෑවිත් ඉන්න
එකම එක
හීනෙකින්වත්
ආයේ සදහටම
හිත හදාගන්න
කොයිතරම් උත්සාහ කලත්, නොඅඬා ඉන්න කෙතරම් දත්මිටි කෑවත්, පුන පුනා මටම වද
දෙන අපේ මතකය අකුලා පොඩි කර හිතෙන් පිටමං කරන්න හැදුවත් මට ඒ දේ හිතට
එකඟව කරගන්න බැරි බව ඔයා තවමත් නොදන්නවා ඇති.... සුන්දර වූ අතීතයෙන් බුර
බුරා නැගෙන ගිනිදැල් අනීවාරතේ හදවත සිදුරු කරන්නේ ඇයිද යන පැනයට මම
නිරුත්තර වන්නේ මන්දැයි නොදනිමි. අහස පොලව ගැටලන්නට උදේ හවස කල්පනා කරමි.
ඔබ මගෙන් වෙන් කිරීමට එරෙහි වූ මගේ පාපතර අවාසනාවන්ත දෛවයට සාප කරමි.
මගේ
ජීවිතේ පණ ගැහෙන්නේ ඒ මතක කන්දරාවේ රස්නෙන් වග මට දැනෙනවිට ලේ නහර
උණුවෙන ආදරණීය ලෝබ කමින් ඔබවම සොයන්නේ මන්ද යන පැනයටද පිළිතුරක් නැතිව මම
නැවත
ගොළු වෙමි. දුක තුනී කරගන්නට ලියවුන කවි කඩදාසි කොළ පිරෙද්දී නිබඳවම ඔබේ
සුවඳ මා වෙලා අපහසුතාවයට පත් කරයි. දෙසවන බිහිරි කරන ඔබේ ආදරණීය ආමන්ත්‍රණය
මා සිහිසුන් කරවයි..
නමුදු මම පියවරෙන් පියවර හෝ ඇවිද
ගොස් අපේ මතක සැමරුම් පාලු කනත්තක වල දමමි...එදාට ඒ සොහොන් කොතෙන් නැගෙන
විලාපය ඔබේ දෙසවන බිහිරි කරාවි..මට දොස් නොනගන්න..මක් නිසාද යත් ඊට හේතුව ඔබ
මට වඩා හොඳින් දන්නා නිසාවෙනි.
~ අප්සරා ~
2013.02.27